Tuesday, April 23, 2024

General line - 0115112241

කටුනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳව ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්




බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසරේදීයි. නමුත් නියමිත කාල සීමාවේදී ඉදිකිරීම් සිදු නොවීම හේතුවෙන් අදාළ සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැළපෙන බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පෙන්වා දෙන්නේ. 

ඒ හේතුවෙන් 2023 වසරට ගැළපෙන අයුරින් සියලූ‍ තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්රපධානී බැසිල් රාජපක්ෂ එහිදී ස`දහන් කර තිබෙනවා. 

කෝවිඞ් 19 වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගුවන් තොටුපොළ කාර්යයන් සීමා වී තිබීම ප‍්‍රයෝජනයට ගෙන දිවා රාත‍්‍රී වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.