Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති අපේක්ෂකයින්ගේ විවාදය කඩාකප්පල් කිරීමට තැත් කළ ට්විටර් ගිණුම් 130කට හිමි වූ දඬුවම




අමෙරිකානු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න් අතර සංවාදය කඩා කප්පල් කිරීමට උත්සාහ දැරූ ට්විටර් ගිණුම් 130 ක් ඉවත් කිරීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ට්විටර් සමාගම සඳහන් කළේ අදාළ ගිණුම් ඉරානයේ ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සංවාද සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර පැතිරවීමට උත්සාහ දැරූ එම ගිණුම් හිමියන් සම්බන්ධයෙන් මේ වනවිට අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වදින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් තරග වදින හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න් අතර පළමු මුහුණට මුහුණ විවාදය ඊයේ පැවැත්වුණා. 

ඔහියෝහි පිහිටි විශ්ව විද්‍යාල පරිශ‍්‍රයකදී විනාඩි 90ක් පුරා පැවැති එම විවාදයේදී මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සංවාද පැවැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එහිදී දැඩි උණුසුම් වාග් ප‍්‍රහාරයන් හුවමාරු වී තිබුණේ නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාදක කරගනිමින්.