Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක ළමා දිනයදා දුෂ්කර ගම්මානවල පාසල්වලට පොත් වසන්තය කැන්ඳු SLT සත්කාරය (PHOTOS)




පොත් වසන්තය ආයෙත් ඇවිල්ලා, හැම අවුරුද්දකම සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසවල සාහිත්‍ය ලෝලීන්ගේ ඇඟට දැනෙන්නෙ හරියට පොඩි කාලේ අවුරුදු එනවා කිව්වම දැනෙනවා වාගේ හැඟීමක්. නෑදෑයො බලන්න ගිහින් ලැබුණු තෑගීත් අරන් ගෙදර එනවා වගේ තමයි අලුතෙන් පොත් අරන් ගෙදර යද්දී.

කොළඹට තමයි ඉතින් සාහිත්‍ය මාසේ ඉර පායන්නේ. පොත් ප්‍රදර්ශන, වට්ටම්, සාහිත්‍ය උත්සව, සාහිත්‍ය කතිකා, පොත් එළි දැක්වීම් හැම තැනම. ඒත් මේ සාහිත්‍යයේදී දීප්තිමත් සුර්යා ලෝකය අපේ රටේ ඈත පළාත්වල බොහොම දුෂ්කර ගම්මානවල වලට එලිය දෙන්නේ හරිම අඩුවෙන්. පොතක් පත්ක කියවන්න ලැබෙන පහසුකම් අඩු නිසා ඒ මිනිස්සුන්ගේ ලෝකෙටම මොකක්දෝ අහිමිවීමක් තියෙනවා. හිස්තැනක් තියෙනවා. එයාලගේ පරිකල්පන හැකියාව අඩුවෙලා, එකම තැනක හිරවුණු ගතියක් දැනෙනවා. මේ අය ළඟ සමහර විට ස්මාර්ට් ෆෝන් ඇති. ඒත් පොතක් කියන්නේ අපිව වෙනමම ලෝකෙකට ගෙනියන මැජික් එකක්. ඈත ගම්වල පුරවැසියෝ හරියට පරඬැල් වගේ ඔහේ ජිවත් වෙලා යනවා. ඒ මිනිස්සුන්ගේ දරුවන්ටත් ඒ වගේම ජිවිතයක් උරුමකර නොදී නව ලෝකයක් පෙන්නන එක අපේ යුතුකමක්.

මේ කතන්දරේදී අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සෑහෙන අවබෝධයක් තියෙනවා කියල පේනවා. ඒක පැහැදිලි වෙන්නේ පාවිච්චියෙන් ඉවත්කරපු රජයේ බස් රථ 25ක් පාසල් පුස්තකාල විදිහට හදලා ඈත ගම්වල ඉස්කෝලවලට පරිත්‍යාග කරන්න ගත්ත තීරණයෙන්.

මේ වැඩේදී පෙරමුණට එන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකයි මොබිටෙල් එකයි. මොකද බස් පුස්තකාලේ නිකම්ම පොත් පුරවපු බස් නෙවේ. බොහොම ලස්සනට අලුත්වැඩියා කරලා තියෙන බස්වලින් කියවන පහසුකමට අමතරව වයිෆයි හරහා ඇහිපිල්ලමක් ගහන වේගයෙන් ලෝකයේ නවීන තාක්ෂනය පාවිච්චි කරලා ලෝකයේ දැනුම් ගබඩා පිරන්න පහසුකමත් ගම්බද දරුවන්ට ලැබෙනවා.

මේ වගේ වැඩකදී ටෙලිකොම් එක තමයි ඉතින් එක. රටේ පහසුකමක් නොලැබෙන පැත්තක ළමයි වෙනුවෙන් තමන්ගේ ආයතනික දායකත්වය දෙන්න ගත්ත තීරණයම ටෙලිකොම් එකේ සමාජ වගකීමට හොඳ උදාහරණයක්. ටෙලිකොම් එක මේක කරන්නේ ඉතාමත් හොඳ ආයෝජනයක්.

අපේ රටේ අනාගත පරම්පරාවට අඩුවක් නැතුව සාක්ෂරතාවය ලබාගන්නත් එයාලගේ දැනුම පිපාසයෙන් සිඳුවන්නත් ඔවුන් කරන මේ කැපවීමට අනිවාර්ය ගෞරවයක් හිමිවිය යුතුයි.

අනිත් කාරණේ ග්‍රාමීය දරුවන් වෙනුවෙන් පොත් එකතු කිරීමේ වැඩසටහනක් ටෙලිකොම් එකෙන් දියත් කරලා තියෙනවා. මේ වෙද්දී හැම ටෙලිකොම් කාර්යාලයකම පොත් පරිත්‍යාගශිලින්ට කියවපු පොතක් හරි අලුතෙන් පොතක් හරි භාර දෙන්න පහසුකම තියෙනවා. ඒත් මේ ගම්බද ඉස්කෝලේ දරුවන් වෙනුවෙන්ම තමයි.

ලෝක නවීන තාක්ෂණයෙන් එක්ක ගණුදෙනු කරන ආයතනයක් විදියට තමන්ගේ ලාභය ගැන විතරක් හිතන්නේ නැතුව රට එකට තියෙලා රටේ ළමයි ගැන හිතෙනව ටෙලිකොම් එකට මුළු මහත් ජාතියේම ආචාර පුදකළ යුතුයි.

රටේ අස්සක් මුල්ලක් නෑරම මහා දැනුම් ගංගාවකට ගලාගෙන යන්න පාර හදන ටෙලිකොම් එකට කවදාහරි  අනාගතේ දවසක ඒ ගංගාවෙන් පෝෂණය උනු සාරවත් හිත්වල ආශිර්වාදය හිමිවේවි.