Friday, March 29, 2024

General line - 0115112241

වැල්ලවාය යාලබෝව රක්ෂිතයේ ගින්නක් අක්කර සීයකට වඩා විනාශයි : යුද හමුදාව මැදිහත් වී ගින්න පාලනය කරයි (PHOTOS)

ජයන්ත වීරසේකර




වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ යාලබෝව කදු රක්ෂිතයේ ඊයේ (1) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරුම රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගිය අතර එම නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ගින්න සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ආපදාකළමනාකරන ඒකකයේ දැනුම් දීමක් මත කුඹුක්කන එකසිය 121වන බලසේනා මූලාස්ථානයේ යුද හමුදා සෙබළුන් පිරිසක් පැමින ඊයේ රාත්‍රිය වන විට ගින්න පාලනය කිරීමට සමත් වුවා.

ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීමසදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.