Thursday, April 25, 2024

General line - 0115112241

රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් සිය තෙවන IPL ජයග්‍රහණය වාර්තා කරයි 




මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ සිය 03 වන ජයග‍්‍රහණය වාර්තා කිරීමට විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලූ 8කින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 06 ක් දැවී ලකුණු 154ක් රැස් කළා. 

මිහිපාල් ලොම්රෝ ලකුණු 47 යි. බැංග්ලෝර් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ ඉසුරු උදාන ලකුණු 41කට කඩුලූ 2ක් දවා ගත් අතර ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ස්ටීව් ස්මිත් සහ රියන් පරාග්. 

ලකුණු 155ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම සිය ඉනිමේ පන්දු 05ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය පසුකර ගියා. බිද වැටුනු කඩුලූ සංඛ්‍යාව 2ක්. එහිදී නායක විරාත් කෝලි පන්දු 53කදී නොදවී ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා. තරගය පැවැත්වුණේ අබුඩාබි හිදියි. මෙම ජයග‍්‍රහණයත් සමග රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම මෙවර අයි පී එල් ප‍්‍රසාද ලකුණු සටහනේ 2 වන ස්ථානයට පැමිණියා.