Friday, April 19, 2024

General line - 0115112241

තවත් PCR වාර්තා රැසක් අද - මීරිගම, ජා ඇළ සහ මහරින් ආසාදිතයින් හමුවෙයි.




මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිත පොකුරෙන් මේවනවිට ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් ආසාදිතයින් 69 දෙනෙකු එම ඇගළුම් කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් බවයි.

ඊට අමතරව නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා. 

එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින්, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ආසාදිතයින් 02 දෙදෙනෙකු, මොණරාගල හා යාපනය දිස්ති‍්‍රක්කයෙන් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වනවා. 

මේ අතර මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 495 දෙනෙකු මේවනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. 

මේ අතර ඊයේ සිදු කෙරුණු PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී ලැබීමටයි නියමිතව ඇත්තේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ද තවදුරටත් කි‍්‍රයාත්මකයි. 

මේ අතර ලොව පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.