Friday, March 29, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් 26කට දිවි අහිමි වෙයි




බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ල වූ ප‍්‍රහාරයෙන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එරට රජය පවසනවා.

ඔවුන් සියලුදෙනා විදේශිකයන් බව එරට රජය ප‍්‍රකාශ කර ඇති බවයි බීබීසී ලෝක සේවය වාර්තා කළේ.

ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් 06 දෙනෙකුද එරට ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

මේ අතර ප‍්‍රාණ ඇපයේ සිටි 13 දෙනෙකු මෙහෙයුම්වලින් බේරා ගැනුණු බවද බංග්ලාදේශ රජය ප‍්‍රකාශ කළා. එලෙස මුදා ගැනුණු පිරිස අතර ශ‍්‍රී ලාංකික යුවලක් ද වනවා.

එම යුවල අතරින් පිරිමි පුද්ගලයා පිරිමි පුද්ගලයා ඩකා අගනුවර රෝයල් පාර්ක් රෙසිඩන්ස් නැමැති සංචාරක හෝටලයේ සේවය කරන අයෙකු බවයි පැවසෙන්නේ.

මේ වන විට ඔවුන් එරට හමුදා රෝහලක ප‍්‍රතිකාර ලබනවා.