Wednesday, April 24, 2024

General line - 0115112241

දෙවන කොරෝනා රැල්ලෙන් ප‍්‍රංශයත් අවධානමක




කොරෝනා දෙවන රැල්ලට මුහුණ පා සිටින ප‍්‍රංශයෙන් වාර්තාවන ආසාදිතයින් සීඝ‍්‍ර ලෙස වර්ධනය වී තිබෙනවා.

ඉකුත් පැය 24 තුළ පමණක් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 22,591ක් වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ගෙවුනු පැය 48දී එරටින් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 52,000ක් ඉක්මවා තිබෙනවා.

මේ හේතුවෙන් සති අන්තයේ පැරිස් අගනුවර ඇතුළු නගර 08කට රාතී‍්‍ර කාලයේ ඇදිරි නිීතිය  පැනවීමටයි ප‍්‍රංශ රජය තීරණය කර ඇත්තේ.

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජීවිත බේරා ගැනීම සදහා දැඩි සීමාවන් පැනවීම අත්‍යාවශ්‍ය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.