Thursday, April 25, 2024

General line - 0115112241

කුමාර් සානුට කොරෝනා




සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කුමාර් සානුගේ කාර්ය මණ්ඩලය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම පුවත සත්‍ය බවට සනාථ කර තිබෙනවා.

කුමාර් සානු සිය බිරිඳ සහ දරුවන් සමග මෙම මස 14 වෙනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර ඇතිවූ නවතම තත්ත්වය හමුවේ එය නතර කර තිබෙනවා.