Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාව කොරෝනා එන්නතක් ගැන තවත් බලාපොරොත්තුවක




නොවැම්බර් මස අගභාගය වන විට කොවිඞ් 19 මර්ධන එන්නතක් හදුන්වා දීමට අපේක්ෂා කරන අමෙරිකාව පවසනවා. ෆයිසර් ඉන්කෝපරේෂන් සහ ජර්මානු හවුල් කරුවෙකු වන බයෝ එන්ටෙක්ට් ආයතනය එක්වයි එම එන්නත නිපදවීමට කටයුතු යොදා ඇත්තේ.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප් මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි අමෙරිකානු ජනාධිපතිවරණයට එම එන්නත ලබා දීමට නොහැකි වනු ඇති බවයි එම සමාගම ප‍්‍රකාශ කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03වනදාට යේදී තිබෙනවා. මෙම නව එන්නත හදුන්වා දීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 03වන සතියේදීයි. අත්හදා බැලීමක් ලෙස පුද්ගලයින් 40,000කට මාසයක් ඇතුළත එම එන්නත හදුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.