Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වී සිටි තවත් 10 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටවි ගොස් තිබෙනවා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 3395ක් දක්වා ඉහල ගොස් ඇති බවයි සෞ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 5,354ක්. ඒ අතරින් පුද්ගලයින් 1946 දෙනෙකු මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා.