Friday, March 29, 2024

General line - 0115112241

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප‍්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල 23දා තෙක් වැසෙයි




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ පලාත් කාර්යාල ඔක්තොම්බර් 23දින දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ.

විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම වැනි හදිසි අත්‍යාවශ්‍යය කටයුතු සදහා ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබා දීමට විශේෂ වැඩ පිළිවලක් සකස් කර ඇති බවයි  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් 0115 226 126, 0115 226 115, 0115 226 100, 0115 226 150 යන දුරකතන අංකවලින් තොරතුරු ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.