Saturday, October 24, 2020

General line - 0115112241

හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කළ කාන්තාවකට කොරෝනා : කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් 12ක් ඇතුලු 43ක් නිරෝධායනයට

3014Views


 


කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුලත් කළ රෝහලේ 15 හා 11 වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කුලියාපිටිය රෝහලේ මේ වනවිට ප‍්‍රථිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රථිකාර කිරීම දිගටම සිදුකරනු ලබන අතර නව රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට නවතා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම රෝගීන්ට ප‍්‍රථිකාර කළ සාත්තු කළ මෙන්ව ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු මේ වනවිට නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රථිස්ථාපනය කිරීමට මේ වනවිට කටයුතු සිදුකරන බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා සඳහන් කළේ.

ඉකුත් 12 වෙනිදා හෘද රෝගයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද මෙම කාන්තාවට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත. 

වෛද්‍යවරුන්ට පසුව ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු හමුවූ  විවාහ මංගල උත්සවයකට සහභාගිවී ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව ඇයට PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here