Friday, April 26, 2024

General line - 0115112241

සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117කට පත්වීම් 




දිවයින පුරා රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සදහා සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඊට අදාලව ඔන්ලයින් (Online) ක්‍රමවේදය ඔස්සේ පිළියෙල කරන ලද නාම ලේඛණය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ (www.health.gov.lk) පළ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කොට තිබෙන අතර එම නිලධාරීන් මෙම මස 20 වෙනි දින අදාල සේවා ස්ථාන සදහා සේවයට වාර්තා කළ යතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් දන්වා සිටියි.