Thursday, April 25, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. 

මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.

අද දිනයේ රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව සමග ඇතිවූ මෙම කොවිඩ් පොකුර නිසා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,016ක් වනවා.