Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු ජනපති පාස්කු කොමිසමට පැය 03ක් සාක්ෂි දෙයි 




හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසෙන මහතා, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ෂන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පැය 03ක කාලයක් සාක්ෂි ලබා දුන්නා. හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ සිව්වන දිනටයි. උදෑසන 10ට පමණ කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පස්වරු 01ට පමණ එම කොමිසමෙන් පිටව ගියා. මේ මස 22වනදා යලි කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.

කොමිසමේ හමුවේ පෙනි සිටීමෙන් පසු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.