Thursday, April 18, 2024

General line - 0115112241

ඉන්දියාව අභිබවමින් දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් යළිත් අමෙරිකාවෙන්




දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර අමෙරිකාව ඉකුත් දින කිහිපයදී නැවත වරක් පලමු තැනට පත්ව තිබෙනවා. ඒ මාස දෙකන පමණ කාලයකින් පසුවයි. ඉකුත් මාස දෙකක කාලය පූරා දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්. 

ගතවූ පැය 24තුළ අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 71, 688 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 65,126ක්. පෙරේදා දිනයේ අමෙරිකාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 66, 132 නෙකු වාර්තා වී ඇති අතර ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතිියින් ගණන 60,439ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ල පාලනය කිරීම සඳහා ප‍්‍රංශයේ නගර 08කට සති අන්තයේ රාතී‍්‍ර ඇඳීරී නිතිය පනවා තිබෙනවා. ඒ, සති අන්තයේ පැවැත්වෙන සාද සහ පෞද්ගලික හමු වැලැක්වීම සඳහායි. නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ල පාලනය කිරීම සඳහා සීමා කිරීම් සිදු නොකලහොත් ප‍්‍රංශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ‍්‍ර ලෙස වැඩි විය හැකි බවයි ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝ ඉකුත් සතියේ ප‍්‍රකාශ කළේ. 

ඊයේ දිනය තුළ ප‍්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් 25,086 දෙනෙකු වාර්තා වූ අතර අවසන් පැය 24තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 32,000ස ඉක්මවා තිබෙනවා.