Friday, April 19, 2024

General line - 0115112241

අසිරිමත් වන මල් පූජාවට ජන ගඟක් (UPDATE)




නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ යටිහලගල රාජමහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධාන කරන ‘‘වන මල් පූජාව’’ අද (07) පස්වරුවේ ආරම්භ වුණා.

මෙම පිංකම පැවැත්වෙන්නේ යටිහලගල රාජමහා විහාරස්ථානයේදීයි. මේ සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියා.

රන්ගිරි දඹුළු රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක පදවියෙන් පිදුම් ලැබූ යටිහලගල රාජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම ධර්මකීර්ති ශ්‍රී චන්දානන්ද මංගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමෙන් අනතුරුව මෙම වන අසිරිමත් “වන මල් පූජාව” ආරම්භ කෙරුණු බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ.

මෙම පිංකම සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි.

……………………………………………………………………..

මිහිකත පිපෙනා සෑම වන මලකින්ම ගෞතම බුදුන් පුදනා ‘‘වන මල් පූජාව’’ අද

Aug 7, 2016 @ 06:15

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ යටිහලගල රාජමහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධාන කරන ‘‘වන මල් පූජාව’’ අද (07) පස්වරුවේ පැවැත්වෙනවා.

මිහිකත පිපෙනා සෑම වන මලකින්ම ගෞතම බුදුන් පුදනා මෙම මහා  ‘‘වන මල් පූජාව’’ අද සවස 4.00 සිට මල් ඇතිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ඒ අනුව සවස 5.00 ට ‘‘වන මල් පූජාව’’ ආරම්භ කෙරෙන බවයි මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ සඳහන් කළේ.

මෙම පිංකම පැවැත්වෙන්නේ යටිහලගල රාජමහා විහාරස්ථානයේදීයි.

මෙම පිංකම සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි.

yatihalagala (1) yatihalagala (2) yatihalagala (3) yatihalagala (4) yatihalagala (5) yatihalagala (6) yatihalagala (7) yatihalagala (8) yatihalagala (9) yatihalagala (10) yatihalagala (11) yatihalagala (12) yatihalagala (13) yatihalagala (14) yatihalagala (15) yatihalagala (16) yatihalagala (17) yatihalagala (18) yatihalagala (19) yatihalagala (20) yatihalagala (21) yatihalagala (22) yatihalagala (23) yatihalagala (24) yatihalagala (25) yatihalagala (26) yatihalagala (27)

 


නෙල්ලිගල ‘‘වන මල් පූජාව’’ හෙට

(Aug 6, 2016 @ 20:16)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ යටිහලගල රාජමහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන ‘‘වන මල් පූජාව’’ හෙට (07) පස්වරුවේ පැවැත්වෙනවා.

මෙම පිංකම සම්බන්ධයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ මෙලෙස කරුණු දැක්වූවා.

මෙම පිංකම සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි.