Friday, April 19, 2024

General line - 0115112241

කාදිනල්තුමාට අපහාස කළ කාන්තාවක් අත්අඩංගුවට




අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ට අපහාසවන ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද 43 හැවරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ බත්තරමුල්ල ප‍්‍රදේශයේදීයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බෞද්ධ සහ කතෝලික ආගම් භක්තිකයන් අතර ද්වේශය ඇතිවන අයුරින් වීඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.