Thursday, December 3, 2020

General line - 0115112241

රිෂාඞ් ගැන මාධ්‍ය හමු පැවැත්වූ පිරිසටත් වැඩවරදින ලකුණු

2070Views


 


හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා ලබාදුන් උපෙදෙස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිපදිනු ලැබුවේ නම් හිටපු අමාත්‍යවරයා හට පළා යෑමට හැකියාවක් නොලැබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න.  

මේ අතර මෙම සිද්ධිය හැරුණු කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් තවත් සිද්ධි 10 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සැගව සිටි බවට ප‍්‍රකාශ කරමින් මාධ්‍ය සාකච්ජා පැවැත්වූ පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදුන් බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කළා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here