Wednesday, April 24, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2162 දක්වා ඉහළට 




මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2,162 ක් දක්වා අද ඉහළ ගියා. ඒ, මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් අද තවත් ආසාදිතයින් 87 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. 

අද හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 23 දෙනෙකු මේවනවිටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳී සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා. අනෙක් ආසාදිතයින් 64 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශි‍්‍රතයින් වනවා.