Thursday, December 3, 2020

General line - 0115112241

රටම බිය කළ මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

4449Views


 


මාලිගාවත්ත ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා. 

අදාළ ස්ථානය ආශි‍්‍රතව සවිකර ඇති CCTV කැමරා ද පරීක්ෂා කරන ලෙසයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් ඒ පිළීබඳ විමර්ශන සිදුකෙරෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ. 

මාලිගාවත්ත ප‍්‍ර‍්‍රදේශයේ පිහිටි ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණය තුළ සගවා තිබූ කෝටි 22 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 22 ක් සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලූයම මාකඳුරේ මදූෂ් එම ස්ථානයට රැගෙන ගොස් තිබුණා. 

එහිදී බාහිර පාර්ශවයක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකදී මාකඳුරේ මදූෂ් ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. 

අද පෙරවරුවේ වෙඩි හුවමාරුව සිදුවූ එම ස්ථානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සහ විමර්ශන කටයුතු ද ආරම්භ කෙරුණු අතර ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් ද පැමිණ සිටියා.  

අද පෙරවරුවේ වෙඩි හුවමාරුව සිදුවූ එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සඳහන් කළේ වෙඩි තැබීම සිදුකළ බාහිර පාර්ශවය විසින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ද සැලසුම් සහගතව වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.  

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here