Friday, April 26, 2024

General line - 0115112241

තවත් ආසාදිතයින් 120ක් : මුළු සංඛ්‍යාව 2300 ඉක්මවයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 120 දෙනෙකු වාර්තා වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනාරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.‬

‪මෙම පිරිසෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 87 දෙනෙකු ආශ්‍රීතයින් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.‬

‪අද දිනයේදී මේ දක්වා කොරෝනා ආසාදිතයින් 180 දෙනෙකු වාර්තා වී ඇත.‬ මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2342 ක් බව සඳහන්.