Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය ලේකම්ගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට




අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා. ඉකුත් 21 වනදා දිවයිනට පැමිණ තිබෙනවා.

අමෙරිකානු හමුදා නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම කටාර් ගුවන් සේවයේ කිව් ආර් 668 දරන ගුවන් යානයෙන් ඉකුත් 21 වනදා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යයාලය සදහන් කළේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා එම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි.

ඔවුන්ගේ පැමිණීම හා මෙරට තුළ රැදී සිටීම ශී‍්‍ර ලංකා රජය සමග සම්බන්ධීකරණයකින් යුතුව සංවිධාන කර ඇති බව ද කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යයාලය සදහන් කළා. 

එමෙන්ම, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය දෙරටටම ඵලදායී හා සාර්ථක සංචාරයක් බවට පත් කිරීමට එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන බවයි එම කාර්යයාලය වැඩිදුරටත් සදහන් කළේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 28 වනදායි.