Thursday, December 3, 2020

General line - 0115112241

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා ලෙස රගපෑ අයෙකුට වැඩ වරදියි

858Views


 


රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් පොලිස් නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කළ සැකකරුවෙකු වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් එම පොලිස් ස්ථානයේ සුළු පැමිණිල්ලක් විභාගයට පැමිණ සිටි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 48 හැවිරිදි ගාල්ල කළුවැල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 03 ක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here