Saturday, April 20, 2024

General line - 0115112241

කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා බොරැල්ලෙන් සොයා ගනියි




අද උදෑසන 6 ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම ආසාදිත පුද්ගලයා නිරෝධායන රෙගුලාසි කඩ කරමින් කටයුතු කර ඇති නිසා ඔහුගේ රෝගී තත්ත්වය සුව අතට හැරීමෙන් අනතුරුව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.