Friday, December 4, 2020

General line - 0115112241

ජිවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි "පොඩි ලැසී" ගෙන් අධිකරණයට පෙත්සමක් 

අධිකරණ වාර්තාකරු

5078Views


 


දැනට රැදවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු බව කියන ජනිත් මධුශංක නොහොත් "පොඩි ලැසී" නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

පොඩි ලැසී නැමැත්තා සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇති අතර මෙම පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

මෙම පෙත්සම  නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියමිතය .

අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බව පොඩි ලැසී සිය පෙත්සමෙන් පවසා සිටියි.
මෙහිදී තමාට දිගින් දිගට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here