Friday, April 26, 2024

General line - 0115112241

ප‍්‍රංශයේ මිලියන 46 කට සති 06 ක් නිරෝධායන ඇඳීරි නීතිය




ප‍්‍රංශයේ පුද්ගලයින් මිලියන 46 කට අධික ජනතාවකට සති 06 ක කාලයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ, එක් දිනක් තුළ එරටින් කොරෝනා ආසාදිතයින් 41,622 දෙනෙකු වාර්තා වීමත් සමගයි. 

ඒ අනුව මේ වනවිට ප‍්‍රංශයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර රුසියාව සහ ප‍්‍රංශයට පසු යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ද ප‍්‍රංශය පත්ව තිබෙනවා.

පසුගිය සතියේදී ප‍්‍රංශයේ නිරෝධායන ඇඳීරි නීතිය පනවා තිබුණේ පැරිස් අගනුවර ඇතුළු නගර 08 කට පමණයි. නමුත් අද සිට තවත් ප‍්‍රදේශ 38 කට නව නිරෝධායන ඇ`දිරි නීතිය බලපැවැත්වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ප‍්‍රංශයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකක පමණ පිරිසකට මෙලෙස නිරෝධායන ඇ`දිරි නීතිය බලපැවැත්වෙනු ඇති.