Thursday, April 25, 2024

General line - 0115112241

යුරෝපයේ රටවල් රැසක නිරෝධායන නීති දැඩි කරයි




නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග යුරෝපයේ රටවල් රැසක නිරෝධායන නීති දැඩි කර තිබෙනවා.

යුරෝපා සංගමයේ රටවල් අතරින් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ස්පාඤ්ඤයේ අග‍්‍රාමාත්‍ය පෙඞ්රෝ සැන්චෙස් ප‍්‍රකාශ කර ඇත්තේ, ජනතාව අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වන බවයි.

සමස්ත ස්පාඤ්ඤයම නිරෝධායන ඇදිරි නීතිය පනවා වසා දැමීමට අවශ්‍ය බවත්, ඒ සදහා සියළු ප‍්‍රාදේශීය ආණ්ඩුවල එක`ගතාවය අපේක්ෂා කරන බවත් ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ එරටින් මෙතෙක් හ`දුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන මිලියනය ඉක්මවූව ද, සැබෑ ආසාදිතයින් ගණන මිලියන 03 ඉක්මවා ඇති බවට අනුමාන කරන බවයි. 

මේ අතර, අවම වශයෙන් ලබන වසරේ මැද භාගය වන තෙක් හෝ ප‍්‍රංශයට නව්‍ය කොරෝනා වෛරසය සමග සටන් වැදීමට සිදු වනු ඇති බව ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ස`දහන් කර ඇත්තේ, ප‍්‍රංශයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ මිලියනය ඉක්මවා යෑමත් සමගයි. කෙසේ වෙතත්, සමස්ත ප‍්‍රංශයටම නිරෝධායන ඇදිරි නීතිය පනවන්නේද යන්න පිළිබදව මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති බවයි ප‍්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. 

මේ අතර, ඉතාලියේ නව්‍ය කොරෝනා ව්‍යාප්තිය සීඝ‍්‍රයෙන් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයින් නිශ්චිතව හ`දුනාගැනීම ඉතා අසීරු වී තිබෙනවා. ඒ සමග, සමස්ත ඉතාලියටම නිරෝධායන ඇ`දිරි නීතිය පැනවීම කෙෙරෙහි ද එරට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නව්‍ය කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ස්විට්සර්ලන්තය, රුසියාව, පෝලන්තය, ජර්මනිය, චෙක් ජනරජය, නෙදර්ලන්තය, පෘතුගාලය සහ ග‍්‍රීසිය ද නිරෝධායන රෙගුලාසි දැඩි කර තිබෙනවා.