Friday, April 26, 2024

General line - 0115112241

දුම්රිය ස්ථාන කිහිපයකදී නොනවත්වා දුම්රිය ධාවනයට තීරණයක්




නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් උසස්පෙළ අපේක්ෂකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගමන් කරන දුම්රිය හැර සෙසු දුම්රිය, දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ ධාවනය කරන දුම්රිය යත්තල්ගොඩ සහ කොළඹ කොටුව අතර දුම්රිය ස්ථානවල නතර නොකරන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

 පුත්තලම් මාර්ගයේ ධාවනය කරන දුම්රිය වයික්කාල් සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ද, මුහුුදුබඩ මාර්ගයේ ධාවනය කරන දුම්රිය බෙන්තොට සහ කටුකරුන්ද දුම්රිය ස්ථාන අතර ද නොනවත්වා ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.