Friday, April 26, 2024

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිිගුරුම් සහිත වැසි




ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ති‍්‍රක්කයේත් පස්වරු 02 න් පසුව තැනින් - තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඒ සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලටත් මද වැසි ඇති විය හැකි බවයි.