Wednesday, April 24, 2024

General line - 0115112241

පොඩි ලැසි ගේ ආයුධ මීටියාගොඩින් සොයා ගැනේ

ලලිත් චාමින්ද




සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසි නැමැත්තාට අයත්  ටි-56 ගිනි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රියේදී මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩි ලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබි සෙයාගත් බව අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව පවසනවා.

දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම්භාරයේ පසුවන පොඩි ලැසිගෙන් ලබාගත් තොරතුරු හා විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මගින් මෙම ටි.56 ගිනි අවිය හා රිවෝලර්වරය සොයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව සඳහන් කළේ. පොඩි ලැසි නැමැත්තාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බව සඳහන්.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී  නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි  මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම ආයුධ සොයාගනු ලැබ ඇත.