Tuesday, April 16, 2024

General line - 0115112241

පානදුර රෙන් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හමුවෙයි




පානදුර උතුර පොලිස් බල ප‍්‍රදේශයෙන් කෝවිඞ් ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගොරකපොළ ප‍්‍රදේශයෙන් ආසාදිතයින් තුන්දෙනෙකු සහ හොරෙයිතුඩුව, ගොරකාන, මිරියවත්ත ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මිරියවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ. එම පුද්ගලයාට ඇති වූ ශාරීරික අපහසුතා හේතුවෙන් ඔහු ඉකුත් 22 වනදා පානදුර රෝහලේදී පී සී ආර් පරීක්ෂණයක් සිදුකරගෙන තිබෙනවා. එහි ප‍්‍රථිඵල නිකුත් වී ඇත්තේ අද දිනයේදීයි. මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස වාර්තා වීමට පෙර අද දිනයේ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා දුම්රියකින් ගමන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ. ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ ආශ‍්‍රිතයින් වෙසෙන මිරියවත්ත ප‍්‍රදේශයේ නිවාස 05 ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර පරත්ත පල්ලිය පාර ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා දෙහිවල බඩෝවිට ප‍්‍රදේශයේ මාළු වෙළඳාමෙහි නිරත වූ පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.