Friday, December 4, 2020

General line - 0115112241

කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් දෙකක සේවකයින් 02කට කොරෝනා 

5333Views


 


කොළඹ ප්‍රධාන පෙලේ තරු පන්ති හෝටල් දෙකක සේවකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම හෝටල් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන සේවකයින් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා ඇතුලත් කොට ඇති බව සඳහන්.

සිය පාරිභෝගිකයින්ගේ මෙන්ම සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උසස් තත්ත්වයෙන් යුත් දැඩි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් නිරන්තරයෙන්ම සෞඛ්‍ය අංශ උපදෙස් මත සිය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි එම හෝටල් දෙක සිය නිවේදනයන් මගින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here