Saturday, April 20, 2024

General line - 0115112241

හොදින් පිසන ලද මාළු මගින් කොරෝනා බෝවන බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ : සෞඛ්‍ය අමාත්‍යාංශය




මත්ස්‍ය පරිභෝජනය සහ මත්ස්‍ය වෙළදාම් කටයුතු සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශී‍්‍රධරන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය හරහා ජනතාවට දැනුම් දෙන්නේ හොදින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බැවින් ඒ පිළිබඳ පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙසයි. 

කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ඨයක රැදී තිිබිය හැකි බැවින් මාළු පිසිම හෝ ගබඩා කිරීම් සිදු කරන අවස්ථාවල මුහුණ ස්පර්ෂ නොකරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. අදාල කටයුතු සිදු කිරීමෙන් පසු භාවිතා කළ උපකරන සහ දෑත් හොදින් සබන් යොදා පිරිසිදු කර ගන්නා ලෙසද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර මෙහිදී අවදාරණය කෙරුණේ පදනමිකින් තොරව මාළු වෙළදාම් කරන වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බවයි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම සහ නිසි පරිදි මුහුණු ආවරණ පැලදීම වැනි මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු පවත්වාගෙන යා හැකි බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශී‍්‍රධරන් වැඩිදුරටත් සඳහන් කළා.