Thursday, April 25, 2024

General line - 0115112241

කටුවිල ගම්මානයේ අවමංගල්‍ය උත්සවයට ගිය තවත් 03 දෙනෙකුට කොරෝනා : මුළු සංඛ්‍යාව 22ක් 

ලලිත් චාමින්ද




බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු තවත් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කර සිටිනවා.

කාන්තාවන් දෙදෙනෙකුට පිරිමි පුද්ගලයෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවත් ඔවුන් තිදෙනා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසනවා.

බලපිටිය කටුවිල ගම්මානයේ පුද්ගලයින් 582 නෙකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඉන් 45 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවල ලැබුණු බවත් ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි. අනික් පුද්ගලයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තා ලැබිමට නියමිතව ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පැවසුවේ.

මේ අතර පැළියගොඩ මත්ස්‍ය වෙළද පොළට ගොස් සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවත් ඒ අයගේ පි සි ආර් පරීක්ෂණ පැළියගොඩ දි සිදුකොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියේ. පි.සි.ආර්. පරික්ෂණවලින් පසු මොවුන්  නිවෙස්වල නිරෝධායනය වෙමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනා  ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.

කොරෝනා වෛරසය ආසාදනය වු කොළඹ නැව් තටාංගන ආයතනයේ සේවය කළ සේවකයාගේ බාප්පාගේ අවමංගල උත්සවයට මොවුන් ගොස් තිබුණා. මිට පෙර මෙකි  අවමංගල උත්සවයට සහභාගි වු මෙම සේවකයාගේ මව පියා හා බිරිද ඇතුළු 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු විය.