Friday, April 19, 2024

General line - 0115112241

බුදු දහමට හිමි තැන රටට කියන්න – මල්වතු මහනාහිමි




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළව බුදු දහම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති චෝදනාවන්ට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් පෙන්වා දෙනවා.

අමාත්‍ය සරත් අමුණුගම ඊයේ (06)  මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දුටුවා. එහිදී මහනායක හිමියන් අමාත්‍යවරයාට මේ බව පවසා තිබෙනවා.

මහනායක හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ද බුදු දහමට ලබාදී ඇති ප‍්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිත කෙරෙන බවයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් තව දුරටත් සිදු කළ කරුණු විමසීමකදී  ඊට ඔහු ප‍්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ බුදු දහම සම්බන්ධයෙන් යෝජිත ව්‍යවස්ථාවේ ඇති කරුණු යැයි පවසමින් පතුරුවන කටකතාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.