Thursday, April 25, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්




කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීමට උපදෙස් ලබාදුන් බවයි එම කාර්ය සාධක බලකාය පැවුසවේ.

ඒ අනුව දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග‍්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක‍්‍රමානුකූලව සිදු කරන ලෙසටයි එහි සභාපති බැසිල් රාජපක්ෂ  නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද අරලියගහ මන්දිරයේදී රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ එම කාර්ය සාධක බලකායේ අවධානය යොමුවී තිබෙනවා. සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප‍්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට මෙහිදී තීරණය වූ බවද  එම කාර්ය සාධක බලකාය පැවසුවා.

කොරෝනා වෛරසයෙන් අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද එම කාර්ය සාධක බලකාය පැවසුවා.  

එබැවින් මහජන ආධාර, විශ‍්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිවරයාට මෙම සාකච්ඡුාවේ දී උපදෙස් ලබාදුන් බවයි එම කාර්ය සාධක බලකාය පැවසුවේ.

එම කාර්ය සාධක බලකායේ සභාපති බැසිල්  රාජපක්ෂ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවට එක්වෙමින් එම නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප‍්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසටයි.