Wednesday, April 24, 2024

General line - 0115112241

හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ 




වහාම ක්‍රියාත්මක වන අයුරින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙලෙස බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණත් අත්‍යාවශය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉඩ ලැබෙන අතර, ඊට සම්බන්ධ පුද්ගලයින්ට තමන්ගේ වැඩකටයුතු සිදුකරගෙන යාමට අවසරය ලැබෙන බවයි මෙහිදී යුද හමුදාපතිවරයා කියා සිටියේ.

පසුගිය අවස්ථාවට වඩා මෙවර කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වේගවත් බවට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බැවින් මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් සංචරණය අඩු කොට ක්‍රියා කිරීම යෝග්‍ය බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයින්ගේ නිවෙස් නිරෝධායනය වෙත යොමු කොට ඇති ආශ්‍රිතයින් ගේ නිවෙස් වෙත සති දෙකක කාලයකට සෑහෙන ලෙස අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ සඳහා ජනතාවට සිය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීමට දින 02ක් වෙනකොට ඇති බවත් එම අදාළ දිනයන් හිදී පාගමනින් ගොස් සිය සේවා සපයා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.