Thursday, April 18, 2024

General line - 0115112241

සැබෑ ‘ශ්‍රීලනිප’ ය විනාශ කිරීමේ පළමු පියවර මෙයයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිෂාන්ත ඇතුළු පිරිසකට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අන්තර්ජාතික බලපෑමක් නිසා සිදුවූවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මාතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. මෙම තීරණ නාමික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාවක් ලෙස දකින බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.

මෙය සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ පළමු පියවර බවද මහින්ද යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා.