Saturday, April 20, 2024

General line - 0115112241

නවගමුව පොලිස් සිර මැදිරියේදී සැකකරුවෙකු මියයාම ගැන විශේෂ විමර්ශනයක්




නවගමුව පොලිස් සිර මැදිරියේදී 25 හැවිරිදි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

වරෙන්තු 04 ක් සහ රන් මාල කැඞීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී අද උදෑසන ඔහුගේ මරණය වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

එම අවස්ථාවේ පොලිස් සිර මැදිරියේ තවත් සැකකරුවන් සිව්දෙනෙකු සිටි බව ද වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කරන බව ද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.