Thursday, March 28, 2024

General line - 0115112241

ගැබිණි මවුවරුන්ට පණිවිඩයක්




ගර්භණී සහ පසුප‍්‍රසව මව්වරුන් රෝගී තත්ත්වයන් පවතිද්දී වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. ගර්භණී හෝ පසුප‍්‍රසව මව්වරුන් උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, රුධිර වහනය, කුස තුළ සිටින දරුවාගේ චලනයන් අඩුවීම, ක්ලාන්තය, සිහිසුන්වීම හෝ වෙනත් අවදානම් ලක්ෂණ පවතී නම් වහාම රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙසයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය උපදෙස් ලබා දෙන්නේ. 

එවැනි අවස්ථාවක ප‍්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු අතර කිසිදු කරුණක් හේතුවෙන් ප‍්‍රමාද නොකළ යුතු බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, මාතෘ හා ළමා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා පැවසුවේ.

රෝගී මව්වරුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියළුම රජයේ රෝහල්වලට උපදෙස් ලබා දී තිබෙනවා. ගර්භණී සටහන්පත ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස සලකනු ලබන බව ද විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.