Friday, April 19, 2024

General line - 0115112241

තවත් කොරෝනා රෝගීන් 102ක් හඳුනා ගැනේ




නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 102ක් හඳුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 21 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 81 දෙනා ආශ්‍රීතයින් වනවා.

අද දිනයේ රාත්‍රී 9.30 වන විට මෙරටින් හඳුනා ගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 239ක්. මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7185ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10663ක්.