Tuesday, April 16, 2024

General line - 0115112241

ආයුර්වේද නිෂ්පාදනවල මධ්‍යසාර සීමාව ඉක්මවා යයි




සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කරන ප‍්‍රමාණයට වඩා මධ්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන වහාම පරීක්‍ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් පරිදියි. ආයුර්වේද නිෂ්පාදනය සඳහා අනුමත කර ඇති සියයට 4.5 ක් වන මධ්‍යසාර ප‍්‍රමාණය ඉක්මවා ඇතැම් ආයුර්වේද නිෂ්පාදනවලට විවිධ මධ්‍යසාර එක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

ඇතැම් ආයුර්වේද නිෂ්පාදනවල අඩංගු මධ්‍යසාර ප‍්‍රමාණය සියයට 10 ද ඉක්මවන බව හෙළි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව එවැනි ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ආයතන පරීක්‍ෂා කර බැලීමට විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ආයුර්වේද වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් එම කණ්ඩායමට අයත්. ඔවුන් ඉදිරියේදී එම පරීක්‍ෂා කිරීම් සිදුකරනු ඇති.