Thursday, April 25, 2024

General line - 0115112241

W15 හන්තාන එස්ටේට්, කීර්තිමත් Condé Nast Johansens 2021 සම්මානයෙන් පිදුම් ලබයි




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී බුටික් හෝටලයක් වන W15 හන්තාන එස්ටේට්, සුප්‍රසිද්ධ Condé Nast Johansens (කොන්ඩේ නාස්ට් ජොහැන්සෙන්ස්) පවුලට සාදරයෙන් පිළිගනිමින් 2021 වසර සඳහා “හොඳම නවීන හෝ  අලුත්වැඩියා කරන ලද  හෝටලය” ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. 

Condé Nast Johansens, ස්වාධීන සුඛෝපභෝගී හෝටල් එකතුවකින් සමන්විත වන අතර, ඔවුන් විසින් ලබා දුන් මෙම ගෞරවනීය සම්මානය නැවත වරක් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ W15 හන්තාන එස්ටේට් හි කැපවීමයි.

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන බුටික් හෝටල් එකතුවට නව එකතුවක් වුවද, ශ්‍රී ලංකාවෙන් මෙම කාණ්ඩයට නම් කරන ලද එකම හෝටලය W15 හන්තාන වන අතර, තරඟකාරී මාලදිවයිනේ හෝටලයක් අභිබවමින් ජයග්‍රාහකයා බවට පත් වීමට හැකියාව ලැබී ඇත. 

මෙම කාණ්ඩය ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව, ඕෂනියා කලාපයේ සහ ඉන්දියන් සාගරයේ සියලුම හෝටල් ආවරණය කරයි. 
“අපටම ආවේණික වූ ශෛලිය හා ගුණාත්මකභාවය සඳහා වූ අපගේ කැපවීම, මෙම ප්‍රමුඛ සන්නාමය විසින් මෙන්ම අප සේවය සපයන අපගේ ගනුදෙනුකරුවන් විසින් ද පිළිගැනීමකට ලක් කිරීම ගැන අපි සතුටට පත්වෙනවා.මෙලෙස ඇගයීමට ලක්වීම තවත් නවීනත්වයෙන් සහ විශිෂ්ඨත්වයෙන් යුත් සේවාවක් සැපයීම සඳහා අප කණ්ඩායම දිරිමත් කරනවා." යැයි  W15 හි කළමණාකාර අධ්‍යක්ෂ ඉසබෙල් ජමාල්ඩීන් පවසා සිටියාය. 

ගෝලීය සංචාරක කර්මාන්තයේ වර්තමාන අභියෝග මධ්‍යයේ වුවද, Condé Nast Johansens විසින් මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමකට අප ලක් වීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය කෙරෙහි දක්වන පිළිගැනීමකි. W15 හන්තාන, දේශයේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම සහ  විශ්වාසය ඉස්මතු කරමින්  ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමෙහි ප්‍රවර්ධනය කරනු වස් අඛණ්ඩ සහයෝගය දක්වනු ඇත.

Condé Nast Johansens විසින් සංචාරක ක්‍ෂේත්‍රයේ දේශීය විශේෂඥයින් හරහා තම හෝටල් ලැයිස්තුව තෝරාගන්නා අතර ඔවුන්ගේ නිර්දේශයන් “සුවිශේෂී අත්දැකීමක්”යන ප්‍රතිඥාව සමඟ පැමිණේ. විශ්වාසනිය සංචාරක නිර්දේශන ආයතනයක් ලෙස, ජාත්‍යන්තරව පිළිගත් Condé Nast Johansens, ලොව පුරා ඇති හෝටල් ඔවුන්ගේ නිර්දේශිත සුඛෝපභෝගී හෝටල් සමුච්චයට එකතු කරගැනීමේ කටයුතු පිළිබඳ වසර 38 ක පළපුරුද්දක් ඇත. 

විශිෂ්ඨත්වය වෙනුවෙන් වූ ඔවුන්ගේ ලෝක ප්‍රකට සම්මාන දිනා ගැනීම යනු ලොව පුරා පාරිභෝගිකයින් සහ සංචාරක වෘත්තිකයන් විසින් පිළිගත් ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසනීය සලකුණකි.

W15 හන්තාන යනු අලුතෙන් අලුත්වැඩියා කරන ලද සුඛෝපභෝගී වතු බංගලාවක් වන අතර එය මහනුවරට ආසන්නව පිහිටි හන්තාන කඳු පාමුල පිහිටා ඇත. හාත්පසින් දිස්වන මනරම් දර්ශනයන්ගෙන් සහ පුළුල් උද්‍යාන වලින් සපිරි මෙම  අලංකාර බංගලාව, යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පීය ආකර්ශනීයත්වය පිළිබිඹු වන අතර, ප්‍රණීත ආහාර පාන, අති විශිෂ්ඨ සත්කාරක සේවාව මෙන්ම  ශ්‍රී ලංකාවට අවේණික අධ්‍යාත්මික ජිව ගුණයන්ගෙන් පිරිපුන් වී ඇත. 

W15 හන්තාන විසින් හන්තාන කඳු පාමුල තරණය කිරීමේ සිට බංගලාව ඉදිරිපස දිස්වන නිල්වන් තණ බිස්ස මත පිරිනමන අති විශිෂ්ඨ තේ පැන් සංග්‍රහය දක්වා වූ විවිධාකාර අත්දැකීම් රාශියක් තම අමුත්තන්ට ලබා දෙයි. සෑම සුඛෝපභෝගී කාමරයක්ම පෞද්ගලික එළිමහන් අවකාශයන්ගෙන් සහ යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් විදහා දක්වන සුවිශේෂී ආකර්ශනයකින් සහ අලංකාරයකින් යුක්ත වේ. 

මන බඳිනා වටපිටාවක පිළිගන්වන ජාත්‍යන්තර මට්ටමේ ආහාර පාන, ආහාර අභිරුචිය තවත් වැඩි කරයි. මෙහි පැමිණෙන අමුත්තන්ට හෝටලයටම අයත් වින්ටේජ් ලෑන්ඩ් රෝවරයකින් සංචාරය කිරීමේ අත්දැකීම ලැබෙනු ඇත. ඉතා ඉහළ මට්ටමේ සේවාවක් W15 හන්තානෙහි නිර්මාණය වී ඇත්තේ මේ සියලු දෑ එකට කැටි වීමෙනි. තමා වෙත පැමිණෙන සෑම අමුත්තෙකුටම සුන්දර අත්දැකීම් ලබා දෙමින්, ආරක්ෂාකාරී, අපූර්ව චාරිකාවක් ලබාදීමේ සුවිශේෂී  සලකුණක් බවට වීම  W15 Hanthana කණ්ඩායමේ අරමුණ වේ.

W15 හන්තාන යනු, W15  ශ්‍රී ලංකා හෝටල් සමූහයට අයත් හෝටලයකි. මෙම සමූහයට අයත්  W15 වැලිගම සහ W15 එස්කේප් අහන්ගම යන හෝටල් ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ පිහිටා ඇති  අතර W15 තවත් හෝටලයක් W15 කොළඹ ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ. 

W15 හන්තාන පිලිබඳ වැඩි විස්තර හෝ එහි වෙන්කරවා ගැනීම් සඳහා  www.w15kandy.lk වෙත පිවිස හෝ +94 81 738 9100 අමතන්න.