Friday, March 29, 2024

General line - 0115112241

රියෝ ඔලිම්පික් බිමේ ලංකාව එක්වන පළමු තරගය අද




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරග ඉසව්ව අද (07) පැවැත්වෙනවා. ඊට සහභාගි වන්නේ කිමිකෝ රහීම්.

මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටයි ඇය මෙලෙස අද එක්වන්නේ. එම පිහිනුම් ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 09.35ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරග ඉසව්ව සඳහා කිමිකෝ රහීම්ගේ සූදානම පිළිබදව ඇගේ පුහුණුකරු ලෙස කටයුතු කරන මනෝජ් අබේසිංහ බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර සිට නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. එහිදී හෙතෙම පැවසුවේ මෙම තරගය සඳහා මුහුණ දීමට කිමිකෝ රහීම් හොඳ සූදානමකින් පසුවෙන බවයි.

කිමිකෝ රහීම් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරන ලාබාලතම කී‍්‍රඩිකාවයි. ඇය මූලික වටයේදී චීනය, කෙන්යාව ඇතුලු රටවල් 5 ක කී‍්‍රඩිකාවන් සමග තරග වැදීමට නියමිතව තිබෙනවා.