Friday, April 19, 2024

General line - 0115112241

යාපනය සරසවියේ සිංහල සිසුන්ගේ තීරණය කියයි




යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එම විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ දෙමව්පියන් අතර සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්වුණා. සිසුන්ගේ ආරක්‍ෂාව තර කරන බවට ජනාධිපතිවරයා එහිදී පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලය වෙත ලබාදී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් පවසනවා.

ඔවුන් ප‍්‍රකාශ කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව අනුව අධ්‍යයන කටයුතු සඳහා යළි සහභාගිවීමට තීරණය කළ බවයි.