Thursday, April 25, 2024

General line - 0115112241

2021 අයි පි එල් තරගාවලිය සදහා තවත් කණ්ඩායමක් ?




ලබන වසරේ පැවැත්වෙන අයි පි එල් ක‍්‍රිකට් තරගාවලිය සදහා තවත් කණ්ඩායමක් එක් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට අයි පී එල් තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් එක්වන අතර, ලබන වසරේ දී එය 9ක් දක්වා ඉහළ නැංවීමටයි එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇත්තේ.

2011 වසරේ පැවැති අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් එක් වූ අතර  2012 සහ 2013 වසරවල පැවැති අයි පී එල් තරගාවලි සදහා කණ්ඩායම් 9 බැගින් තරග වැදුණා.

මෙතෙක් පැවැති සියලූ‍ අයි.පී.එල් තරගාවලි සදහා ක‍්‍රීඩා කර ඇති සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 13ක්. ලබන වසරේ අයි පී එල් තරගාවලියට එක්වන 9 වන කණ්ඩායම ජනප‍්‍රිය මලයාලම් චිත‍්‍රපට නලූ‍වෙකු වන මෝහන්ලාල් විශ්වනාදන් විසින් මිලදී ගැනීමට සූදානම් වන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එම කණ්ඩායම කේරල ප‍්‍රාන්තය නියෝජනය කරමින් එක්වීමට නියමිත අතර කෝචි ටස්කර්ස් නමින් කේරල ප‍්‍රාන්තය නියෝජනය කරමින් කණ්ඩායමක් මීට පෙර අයි පී එල් තරගාවලියට එක්ව සිටියා.

ලබන තරග වාරයේදී් පූර්ණ වෙන්දේසියක් 2021 වසර මුලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලබන වසරේදී අයි පී එල් තරගාවලිය සදහා කණ්ඩායම් 9ක් එක්වීමත් සමග එම තරගාවලියේ පැවැත්වෙන සමස්ත තරග සංඛ්‍යාවද 76ක් දක්වා ඉහළයනු ඇති.