Thursday, April 25, 2024

General line - 0115112241

වැට් අවුල විසඳන හැටි කිරිඇල්ල හෙළි කරයි




වැට් බදු සම්බන්ධයෙන් පවතින ගැටලු ලබන සදුදායින් අවසන් වනු ඇතැයි විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ඒ වැට් එක හරියට පැහැදිලි කරලා නැහැ. ලංකාවේ ඉන්න වෙළෙද ව්‍යාපාරිකයෝ සියළු දෙනාම ගෙන්නලා මුදල් අමාත්‍යාංශයේ 4 වෙනිදා සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ මේ සියළු ප්‍රශ්ණ නිරාකරණය වෙන බවට කිසිම සැකයක් නැහැ”.

kiriella web

kiriella web 02