Friday, March 29, 2024

General line - 0115112241

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි 




රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා. ඒ උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවුණා.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ මහානිකායේ මහනායක ධුරයට පත් වුණේ 2012 වසරේ සැප්තැම්බර් 3 වනදායි.